Hiru News

Monday, March 2, 2015

ශ්‍රී ලංකාවේ ඓතිහාසික බුදු පිළිම - Historical Buddha statues in Sri Lanka - Sri Lankawe Budu pilima

ශ්‍රී ලංකාවේ තිහාසි බුදු පිළි




1) අව්කන බුදු පිළිමය

                   



අනුරාධපුර කලා වැවේ සිට සැතපුම් 1.5 ක් පමණ දුරින් අව්කන පිළිමය පිහිට ඇත. මෙය ලංකාවේ වඩාත් ප්‍රචලිත හිටි බුදු පිළිම වලින් එකකි.මෙය නිර්මාණය වූ කාලය පිලිබදව විවිධ මත පවතින අතර ක්‍රි.ව 5-8 වෙනි සියවස්  නිර්මාණය වුවකයි සැලකේ. ශිලාමය මල් ආසනයක් වැනි පිටිකාවක් මත මෙම මෙම පිළිමය නෙලා ඇත. ඉහලට ඔසවා ඇති දකුණු අතින් අභය මුද්‍රාව නිරුපිත් වේ. පිළිමයේ උස අඩි 38 අගල්  10කි.


2) බුදුරුවගල බුදු පිළිමය 

                       


තිස්සමහාරාම වැල්ලවාය පාරේ 48 වන සැතපුම් කනුව ලගින් හැරී යන මාර්ගයේ පිහිටි බුදුරුවගල ඓතිහාසික පින් බිමේ පිහිටි දැවැන්ත ගල් පර්වතයක මෙම හිටි පිළිමය නෙලා ඇත. මෙහි උස අඩි 43 අගල් 3 වන අතර ශ්‍රී ලංකාවේ තිබෙන උසම බුදුපිළිම  එකකි.


3) මාලිගාවිල  බුදු පිළිමය 


                               

වැල්ලවාය මොනරාගල මාර්ගයේ හමුවන බුත්තල මංසන්දියෙන් හැරී කි.මි 16 ක් පමණ දකුණට ගමන් කල පසු මාලිගාවිල පුදබිමේ මෙම පිළිමය පිහිටයි. මෙය ශ්‍රී ලංකාවේ අනාබද්ධ හිටි බුදුපිලිමයි. (ශිලාමය පර්වතයකට සම්බන්ද නොවූ - අනා  බද්ධ) මෙහි උස අඩි 45ක් පමණ වේ. ක්‍රි.ව 7 වන සියවසේදී රුහුණේ වාසය කල අග්ගබෝධි කුමරු විසින් කරවන ලද පිළිමයක් ලෙස සැලකේ.  


4) වෙහෙරගල බුදු පිළිමය 

අනුරාධපුර රන්පත්විල වෙහෙරගල විහාරයෙන් හමුවූ මෙය ලෝහමය හිටි බුදු පිළිමයකි. මෙහි උස අඩි 2කි. රන් ආලේපිත කිරීමෙන් වර්ණගන්ව ඇති මෙම පිළිමයේ දකුණු අතින් අභය මුද්‍රාව නිරුපනයේ වේ. පිළිමය ක්‍රි.ව 9 වන සියවසට අයත්ය.       


5) දඹුල්ල බුදු පිළිමය 

 
 


සුප්‍රසිද්ද රන්ගිරි දඹුලු විහාරයේ මහරජ ලෙන තුල මෙම හිටි පිළිමය පිහිට ඇත. මෙහි දකුණු අතින් අභය මුද්‍රාව නිරුපිතය. පිළිමය අයත්වන්නේ ක්‍රි.ව 7-8 වන සියවස්වාලටය. 





6) වෙල්ගම්වෙහෙර බුදු පිළිමය



  

ත්‍රිකුණාමලය දිස්ත්‍රිකයේ පෙරියකුලම් සුප්‍රසිද්ධ වෙල්ගම විහාර භුමියේ පිහිටුවා ඇති මෙම හිටි පිළිමය නිර්මාණය කර ඇත්තේ ඩොලමයිට් පාෂානවලිනි. මෙහි උස ආදී 6 යි අගල් 4කි. පිහිටුවා ඇති පද්මාසනය ආදී 2ක් පමණ උසය. දකුණු අතින් නිරුපනය වන්නේ අභය මුද්‍රාවයි.



7) අටදාගේ බුදු පිළිමය 




පොළොන්නරුවේ දළඳා මළුවේ අටදාගෙයි පිහිටි මෙම පිළිමය නෙලා ඇත්තේ ඩොලමයිට් පාෂානවලිනි. පිළිමයේ උස අඩි 8 ක් පමණ වේ. සොලෝ ආක්‍රමණවලින් පිලිමයෙඉ දෙඅත් කදී ගොස් ඇත.


8) ගල් විහාර බුදු  පිළිමය 




පොලොන්නරුව සුප්‍රසිද්ධ ගල් විහාර පර්වතයේ නෙලා ඇති එකම හිටි බුදු පිළිමය මෙය වේ. මෙය පොළොන්නරු යුගයේ නෙලූ සුන්දරතම හිටි බුදු පිළිමයි. මෙය උසින් අඩි  22 කි. දෙඅත් පපුව මත බැද සිටින ආකාරයෙන් මෙම පිළිමය නෙලා ඇත.
මෙම පිළිමය ක්‍රි.ව 12 වන සියවසට අයත් බව සැලකේ.


9) රැස්වෙහෙර බුදු පිළිමය 





කුරුණෑගල දිස්ත්‍රික්කයේ හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ මායිමේ පිහිටන රැස්වෙහෙර නම් ග්‍රාමයේ ගල් පර්වතයක (ගල්  කන්දක) මෙම හිටි පිළිමය නෙලා ඇත. පිළිමයේ උස ආදී 39 යි අගල් 3 යි. ක්‍රි.ව 7 වන සියවසට අයත් පිළිමයකි.


10) සමාධි බුදු පිළිමය 




අනුරාධපුර මහමෙව්නා උයනේ පිහිටි මෙම හිදී බුදු පිළිමය පැරණිතම හා දෙස් විදෙස් බෞධයන්ගේ හාසන්චාරකයන්ගේ අවදානය දිනු අගනාම බුදු පිළිමයකි. ක්‍රි.ව 9 වන සියවසට (අනුරාධපුර යුගයට) අයත් මෙම පිළිමයෙන් ධ්‍යාන මුද්‍රාව හා විරසනය පිළිඹිබු වේ. මේ ඇති ශාන්ති හා සමාධිගත බව නිරුපනය කර ඇති අන්දම ඇති සුවිශේෂ වේ. මහා විහාර සම්ප්‍රදායට අයත් පිළිමයකි. මුලදී පිළිමයේ නෙත් යුවලට මැණික් අල්ල තිබු බව සඳහන්ය. පිළිමයේ උස අඩි  7 යි අගල් 9 කි.  


11) තන්තිරිමලේ බුදු පිළිමය




අනුරාධපුර දිස්ත්‍රිකක්යේ තන්තිරිමලේ පුද බිමේ විශාල ගල් පර්වතයක බැවුමක කැන සකස්කරන ලද හතරැස කුහරයක (ගුහාවක) මෙම හිඳී බුදු පිළිමය නෙලා ඇත. ධ්‍යාන මුද්‍රාව නිරුපනය වේ. පිළිමය අයත් වන්නේ ක්‍රි.ව 12 වන සියවසටය.


12) තොලුවිල බුදු පිළිමය 




අනුරධපුර දුම්රිය පොලට නැගෙනහිරෙන් පිහිටි නටඹුන් අතර තිබී සොයාගත් මෙම පිළිමය අඩි  5යි අගල 4කි.

මුලින් තොලුවිල ලෙස හැදින්වුවත් අද මෙම ප්‍රදේශයේ නිවන්තික චේතිය නමින් හදුන්වයි. ප්‍රතිමාව තිරිවානා පාෂාණ විශේෂයකින් නෙලා ඇත. ක්‍රි.ව.5 වන සියවසට අයත් මෙම පිළිමය ජාතික කෞතුකාගාරයේ දී දැකගත හැකිය.


13) බදුල්ල ලෝකඩ බුදු පිළිමය





වීරාසන ඉරියව්වෙන් හා දකුණු අතින් විතර්ක මුද්‍රාව දක්වන විරල ගනයේ පිළිමයක් වන මෙය බදුල්ල ප්‍රදේශයෙන් හමුවුවකි. ලෝකඩ වලින් පිළිමය  නිර්මාණය කර ඇත. පිළිමයේ උස අගල් 22.2 කි. ක්‍රි.වර් 6 වන සියවසට අයත්ය. මෙම පිළිමය ජාතික කෞතුකාගාරයේ දී දැකගත හැකිය.

14) ගල් විහාරයේ විද්‍යාධාර ගුහාවේ බුදු පිළිමය 





විරල ගනයේ බුද්ධ ප්‍රතිමාවකි. පොළොන්නරුවේ ගල් විහාරයට අයත් පර්වත ඇලයේ ගල තුල හෑරු ලෙනක් තුල පිළිමය නෙලා ඇත. වජ්‍ර ලක්ෂණ හා සිංහ රුප වලින් සැරසුම් කල ආසනයක් මත වැඩ සිටින මෙම පිළිමයේ උස අඩි 7 යි අගල් 4කි. ක්‍රි.වර් 9 වන සියවසට අයත් මෙම පිළිමය පිටුපස සිංහ රුප හා බ්‍රහ්ම රුප වලින් උත මකර තොරණක් ද ගලින් නෙලා ඇත.


15) දැදිගම බුදු පිළිමය 


කෑගල්ල දිස්ත්‍රික්කයේ දැදිගම සුතිඝර වෙහෙර සොයා ගනු ලැබූ මෙම හිඳී පිළිමය උසින් සෙ.මි  16කි. රන් තහඩුවලින් වැඩ හිදින අතර දයන මුද්‍රාව නිරුපිත්යි. අලංකාර මකර තොරණක්ද රන් තහඩුවලින් නිමකර ඇත. පිළිමයේ ඇතුලත සඳුන් බදාම ගලවා ඇත. ක්‍රි.වර්  11වන සියවසට අයත් බව සැලකෙන මෙම පිළිමය කොළඹ ජාතික කෞතුකාගාරයේ දැකගත හැකිය.



16) වටදාගේ බුදු පිළිමය




මෙය 1 වන පරාක්‍රමබාහු රජු විසින් කරවන් ලද පොළොන්නරුවේ වටකුරු දළදා මැදුරේ පිහිටි ප්‍රතිම හතරෙන් ඉතිරි වූ ප්‍රතිමාවකි. වීරාසනයෙන් වැඩ සිටින මෙහි ධ්‍යාන මුද්‍රාව නිරුපිතයි. උස ආදී 5කි. ක්‍රි.ව 12 වන සියවසට අයත්ය.


17) පත්කුලිය බුදු පිළිමය 


අනුරාධපුරයේ කුට්ටම් පොකුණ පසුකර බස්නාහිරට මද දුරක් ගිය පසු හමුවන හන්දියෙන් උතුරට සැතපුම් 1.5ක් පමණ ගිය විට හමුවන පන්කුලුය නම් ග්‍රාමයේ අශෝකාරාමයේ නටඹුම් අතර මෙම පිළිමය පිහිට ඇත. හුණු ගලින් නෙලා ඇති මෙම බුදු පිළිමය වීරාසනයෙන් වැඩ හිදින ලෙස නිමවා ඇත. වම අතින් කටක මුද්‍රාවත් දකුණු අතින් විතර්ක මුද්‍රාවත් නිරුපිතය. පිළිමයේ උස ආදී 7යි අගල් 6 කි. ක්‍රි.වර් 10 වෙනි සියවසට අයත් බව සැලකේ.


ඔබ සතුව ඇති මෙවැනි තොරතුරු අපිට එවන්න. 
ඔබ සැමට තෙරුවන් සරණයි !!!

http://dasanayake-das.blogspot.com/

http://psychology-sinhalen.blogspot.com/               (මනෝවිද්‍යාව සිංහලෙන්)

facebook   nirukshan dasanayake
        page  නිදහස-freedom
        page  i love my sri lanka